කුල භේදය තහනම් කළ පළමු අමෙරිකානු ප්‍රාන්තය කැලිෆෝනියාවයි

කුල භේදය තහනම් කළ පළමු අමෙරිකානු ප්‍රාන්තය කැලිෆෝනියාවයි

කැලිෆෝනියාවේ ව්‍යවස්ථාදායකය එක්සත් ජනපදයේ කුල භේදය තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් අනුමත කළ පළමු ප්‍රාන්තය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පනත මගින් අසාධාරණ ලෙස සලකන බවට චෝදනා කරන දකුණු ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් ආරක්ෂා කරන බවයි එරට නීති සම්පාදකයින් පෙන්වා දෙනවා.

පනත් කෙටුම්පතට අත්සන් තබමින් එය නීතියක් කරනවාද නැද්ද යන්න ආණ්ඩුකාරවරයා දැන් තීරණය කළ යුතු බවයි ව්‍යවස්ථාදායකය පවසන්නේ.

සියැටල් නගරය පෙබරවාරි මාසයේදී කුල භේදය තහනම් කළ පළමු එක්සත් ජනපද නගරය බවට පත්වී තිබෙනවා.

ඉන්දියාවේ කුල ක්‍රමය වසර 3,000කට වඩා පැරණි වන අතර කුල භේදය නිසා හින්දු සමාජය දැඩි ධුරාවලියකට බෙදා තිබෙනවා.

අඟහරුවාදා සම්මත වූ මෙම පනතට අනුග්‍රහය දක්වා තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභික අයිෂා වහාබ් විසින්.

මෙම පනතට අදාළ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 31ක් ලැබී තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයින් පස් දෙනෙක් නීති සම්පාදනයට විරුද්ධව ඡන්දය දුන් අතර, රාජ්‍ය නීතිය යටතේ වෙනස්කම් කිරීම දැනටමත් නීති විරෝධී බව තර්ක කරමින් සිටිනවා.

කෙසේ වෙතත් සමහර හින්දු කණ්ඩායම් පවසන පරිදි කුල ක්‍රමය උතුරු අමෙරිකාවේ බරපතල ප්‍රශ්නයක් නොවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This