චීන TikTok අමෙරිකාවේ තහනම් කරද්දී, අමෙරිකානු iPhone චීනය තහනම් කරයි

චීන TikTok අමෙරිකාවේ තහනම් කරද්දී, අමෙරිකානු iPhone චීනය තහනම් කරයි

චීනය මධ්‍යම රජයේ නිලධාරීන් සඳහා iPhone භාවිතා කිරීම තහනම් කර ඇති බව The Wall Street වාර්තාව පවසනවා.

මේ පුවත සැලවීමත් සමග Apple හි කොටස් 3.6% කින් පහත වැටී ඇති අතර එය නිව් යෝර්ක් හි $182.91 ක් ලෙසින් සඳහන් වී තිබෙනවා.

එය මාසයක විශාලතම දෛනික පහත වැටීම සනිටුහන් කළ බවයි වාර්තා කරන්නේ.

චීනයේ මෙම තීරණයට පෙර Apple කොටස් මේ වසරේ 46% කින් ඉහළ ගොස් තිබුණා.

විදෙස් මාධ්‍ය මේ ගැන විමසීමට චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ Apple (AAPL) වෙත සම්බන්ධ වී ඇති නමුත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

චීන මධ්‍යම රජයේ ආයතන සමග නිතිපතා ගනුදෙනු කරන කෙනෙකු CNN වෙබ් අඩවියට පවසා ඇත්තේ විධිමත් ප්‍රතිපත්තියක් නොමැති බව පෙනෙන්නට තිබියදීත්, චීන නිලධාරීන් iPhone මඟ හැරීමේ ලිඛිත රීතියක් අනුගමනය කර ඇති බවයි.

මධ්‍යම රජයේ නිලධාරීන් මේ වනවිට ප්‍රධාන දේශීය සමාගම්, විශේෂයෙන් Huawei විසින් සාදන ලද Smart Phone භාවිතා කිරීමට නැඹුරු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2022 ජූනි මාසයේදී, CNN වාර්තා කළේ සමහර චීන රජයේ අමාත්‍යාංශ විසින් ආරක්ෂක භීතිකාවන් මත Tesla මෝටර් රථ ඔවුන්ගේ පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇති බවයි.

රාජ්‍ය නිලධාරීන් සඳහා iPhone තහනම චීන තාක්‍ෂණයට එරෙහිව එනම් Tiktok ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් සිදු කරන ලද තහනම සඳහා පළිගැනීමක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This