Aditya-L1 ගෙන් පෘථිවියේ සහ සඳෙහි ඡායාරූපයක්

Aditya-L1 ගෙන් පෘථිවියේ සහ සඳෙහි ඡායාරූපයක්

ඉන්දියාවේ සුර්යය ගවේෂණ අභ්‍යවකාශ යානා මෙහෙයුම වන Aditya-L1 අද පෘථිවියේ සහ සඳෙහි ඡායාරුපයක් එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් පිහිටි සිය ගමනාන්තය වන Lagrangian ලක්ෂ්‍යය වෙත ගමන් කරන විට මේ ඡායාරූප ලබාගෙන ඇති බවයි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) පවසන්නේ.

මෙම යානය සැප්තැම්බර් 2 වන දින ආන්ද්‍රා ප්‍රදේශ් හි ශ්‍රීහරිකෝටා සිට අභ්‍යවකාශගත කිරීම සිදුවුණා.

අභ්‍යවකාශ යානය දැනටමත් පෘථිවි කක්ෂය තුළ උපාමාරු දෙකක් සම්පූර්ණ කර තිබෙනවා.

Aditya-L1 තවත් දින 125කට පසු L1 Lagrangian ලක්ෂ්‍යයේ අපේක්ෂිත කක්ෂයට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Aditya-L1 මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වන්නේ සූර්යයාගේ භෞතික විද්‍යාව සහ එහි උණුසුම් යාන්ත්‍රණය, සූර්ය සුළං ත්වරණය, සූර්ය වායුගෝලයේ සම්බන්ධ කිරීම සහ ගතිකත්වය, සූර්ය සුළං ව්‍යාප්තිය සහ උෂ්ණත්ව ඇනිසොට්‍රොපි, සහ කිරීටක ස්කන්ධ පිටකිරීමේ (CME) සම්භවය සහ ගිනිදැල් සහ පෘථිවියට ආසන්න අභ්‍යවකාශ කාලගුණය නිරීක්ෂණය කිරීමයි.

ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපෘති අතර 2025 වන විට ප්‍රථම වරට ගගනගාමීන් කක්ෂගත කිරීම අරමුණු කරගත් මානව අභ්‍යවකාශ පියාසර වැඩසටහනක් ඇතුළත් බව ISRO සභාපති එස් සෝමනාත් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This