මාස 06ක දරුවෙකුගේ දුඹුරු ඇස් නිල් කළ Covid – 19 ප්‍රතිකාරය

මාස 06ක දරුවෙකුගේ දුඹුරු ඇස් නිල් කළ Covid – 19 ප්‍රතිකාරය

වෛද්‍යමය අතුරු ආබාධයක අසාමාන්‍ය අවස්ථාවක් පෙන්නුම් කරමින් සාමාන්‍ය COVID-19 ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් පසු තායිලන්තයේ මාස ​​6ක පිරිමි දරුවෙකුගේ තද දුඹුරු ඇස් තද නිල් පැහැයට හැරී තිබෙනවා.

Frontiers in Paediatrics වෛද්‍ය සඟරාවට අනුව, තායිලන්තයේ වෙසෙන මෙම දරුවාට COVID-19 රෝග විනිශ්චය කර ඇත්තේ මුළු දවසක්ම උණ සහ කැස්සකින් පෙළීමෙන් පසුවයි.

ඔහු දින 3 ක් favipiravir ඖෂධය සමග ප්‍රතිකාර කර ඇති අතර, එම ප්‍රතිකාරය COVID රෝග ලක්ෂණ වැඩි දියුණු කිරීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඖෂධය ආරම්භ කර පැය 18 කට පසුව, දරුවාගේ මව තම දරුවාගේ ඇස්වල වර්ණයෙහි වෙනසක් නිරීක්ෂණය කරන ලද අතර, එය තද දුඹුරු සිට දීප්තිමත් නිල් පැහැයට හැරී තිබෙනවා.

favipiravir නතර කර දින පහකට පසු දරුවාගේ ඇස් නැවතත් මුල් දුඹුරු පැහැයට හැරී ඇති අතර වර්ණ වෙනස්වීම නිරීක්ෂණය කිරීමෙන් පසු එම ඖෂධය නතර කරන ලෙස වෛද්‍යවරයා නියෝග කර තිබෙනවා.

සම, නිය, හෝ මුඛ සහ නාසික ශ්ලේෂ්මල වැනි වෙනත් ප්‍රදේශවල නිල් පැහැයක් දක්නට ලැබී නැහැ.

2022 දී තායි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද favipiravir, ප්‍රතිවෛරස් ප්‍රතිකාරය, COVID-19 හි මෘදු හෝ මධ්‍යස්ථ රෝග ලක්ෂණ අත්විඳින දරුවන් සඳහා භාවිතයට අනුමත කරන ලද ඖෂධයක් බවයි තායිලන්තයේ වෛද්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This