අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය අතරතුර යුක්‍රේනයට ප්‍රහාරයක්

අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය අතරතුර යුක්‍රේනයට ප්‍රහාරයක්

නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු දේශසීමාවට ආසන්නයෙන් පිහිටි Kostiantynivka නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම නගරයේ ජනාකීර්ණ වෙළෙඳපොළකට රුසියාව විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

අමෙරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken යුක්‍රේනයේ සංචාරයක නිරත වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක් වනවා.

කෙසේවෙතත් ප්‍රහාරය එල්ල වන විට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ යුක්‍රේන ජනපතිවරයා අතර හමුව පැවති කීව් අගනුවර පිහිටියේ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට කිලෝමීටර් 560ක් පමණ දුරින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This