ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවැනි තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේ තරග දෙකම ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය මූලික වටයේ තරග දෙකෙන් එක් තරගයක් ජයග්‍රහණය කළා.

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීවීව සවන්දීමේ හැකියාව පවතිනවා.

තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

Share This