Zulu නායක Mangosuthu Buthelezi මියයයි

Zulu නායක Mangosuthu Buthelezi මියයයි

දකුණු අප්‍රිකානු දේශපාලනයේ ප්‍රබල චරිතයක් සහ Zulu ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධියට පත් වූ Mangosuthu Buthelezi මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මියයන විට වයස අවුරුදු 95 පසුවුණා.

ජාතිවාදී වර්ණභේදවාදී පාලන සමයේදී, ඔහු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) සමග කලකිරීමට පත්වීමෙන් පසුව Zulu Inkatha පක්ෂය ආරම්භ කළා.

1990 දශකයේ මුල් භාගයේදී පක්ෂ දෙකේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් දහස් ගණනක් මිය ගියා.

Mangosuthu Buthelezi , සුදු-සුළුතර පාලනයට එරෙහිව සන්නද්ධ ක්‍රියා උපක්‍රම සමග එකඟ නොවූ අතර ජනවාර්ගික Zulu නිජබිමක නායකයෙකු ලෙස මධ්‍යස්ථ මාවතක ගමන් කළ බුද්ධිමත් දේශපාලනඥයෙක් බවයි සඳහන් වන්නේ.

ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධකවලට විරුද්ධ වූ අතර, එමගින් රටේ කළු බහුතරයට හානියක් පමණක් සිදුවන බව තර්ක කළා.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රධානියා බුතේලෙසි “විශිෂ්ට නායකයෙකු” ලෙස විස්තර කරමින් උපහාර පුද කළේය.

ඔහු දශක හතක් තිස්සේ රටේ ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ අයෙක් බවයි එරට ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

Mangosuthu Buthelezi ඔහුගේ 95 වැනි උපන්දිනය සැමරීමෙන් සති දෙකකට පසු අද මියගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This