මිලියනයකට ආසන්න විදේශීය සංචාරකයින් පිරිසක් දිවයිනට

මිලියනයකට ආසන්න විදේශීය සංචාරකයින් පිරිසක් දිවයිනට

වසරේ මේ දක්වා කාල සීමාව තුළ මිලියනයකට ආසන්න විදේශීය සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ පසුගිය මාසය අවසන් වනවිට පමණක් සංචාරකයන් නව ලක්ෂ 4,318ක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ජූලි මාසයේ දී වන අතර එම ප්‍රමාණය 143,039ක්.

පසුගිය මස එනම් අගෝස්තු මාසයේ දී මෙරටට සංචාරකයන් 136,405ක් පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන්ගෙන් අති බහුතරයක් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටයි.

Share This