භූමිකම්පාවෙන් හානියට පත් මොරොක්කෝව රටවල් හතරකින් ලැබෙන ආධාර පිළිගනියි

භූමිකම්පාවෙන් හානියට පත් මොරොක්කෝව රටවල් හතරකින් ලැබෙන ආධාර පිළිගනියි

මොරොක්කෝවේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු විදෙස් රටවලින් ආධාර ලබාගැනීමට එරට රජය තීරණය කර තිබෙනවා

මොරොක්කෝ රජය පවසන්නේ බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හතරෙන් මේ වන විට ආධාර පිළිගෙන ඇති බවයි.

පසුගිය සිකුරාදා (08) ඇති වූ භූමිකම්පාව, වසර 60 කට පසු රටේ සිදුවූ මාරාන්තිකම භූමිකම්පාව ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රංශය, එක්සත් ජනපදය සහ තවත් සමහර රටවල් පවසන්නේ ඔවුන් ද උදව් කිරීමට සූදානම් බවයි.

ස්පාඤ්ඤය විශේෂ ගලවාගැනීම්කරුවන් 86 දෙනෙකු කණ්ඩායම් දෙකකට යවා ඇති අතර, ඔවුන් සඳහා සුනඛයින් හතර දෙනෙකු බැගින්ද යවා තිබෙනවා

එක්සත් රාජධානියේ රජය කුඩා වෛද්‍ය කණ්ඩායමක් සමග හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකකින් සුනඛයින් හතර දෙනෙකු සමග ගලවාගැනීම්කරුවන් 60 දෙනෙකු යවා ඇති බව සඳහන්

බ්‍රිතාන්‍ය භූ කම්පන ශ්‍රවණ උපකරණ සහ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළඟා වීමට කොන්ක්‍රීට් කැපීම සහ කැඩීමේ මෙවලම් ඇතුළත් භාණ්ඩ රැසක් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ගලවා ගැනීමේ කණ්ඩායම් සහ හදිසි ආධාර රැගත් ගුවන් යානා කිහිපයක් ද කටාර් සිට පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This