පාකිස්ථානයේ පෙෂාවර් නුවර බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරියෙකු මරුට

පාකිස්ථානයේ පෙෂාවර් නුවර බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරියෙකු මරුට

පාකිස්ථානයේ පෙෂාවර් නුවර අද (11) බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් ආරක්ෂක නිලධාරියෙකු මිය ගොස් පැරාමිලිටරි භටයන් හතර දෙනෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ රෝහල් සංකීර්ණයක් අසල පිපිරීම සිදුව ඇති අතර ආරක්ෂක හමුදා වාහනයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෑත කාලයේ සිට පාකිස්ථානය තහනම් ත්‍රස්තවාදී සංවිධානය විසින් සංවිධානය කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් රැල්ලකට ගොදුරු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Share This