ඩැනියෙල් සුළි කුණාටුවෙන් ලිබියාවේ 150ක් මරුට – හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඩැනියෙල් සුළි කුණාටුවෙන් ලිබියාවේ 150ක් මරුට – හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

නැගෙනහිර ලිබියාවට ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම ලිබියානු හමුදා සාමාජිකයින් හත් දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර අතුරුදහන් වී තිබෙනවා

නැගෙනහිර ලිබියාවේ නිලධාරීන් විසින් ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් සහ වෙළඳසැල් වසා දැමීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ඩැනියෙල් කුණාටුව නැගෙනහිර බෙන්ගාසි (Benghazi) සහ සූසේ (Sousse) නගරවලට මෙන්ම ඩර්නා (Derna) සහ අල්-මාර්ජ් (Al-Marj) වෙත ද දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා

Share This