රුසියාව සිවිල් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට එක්සත් රාජධානියෙන් චෝදනා

රුසියාව සිවිල් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට එක්සත් රාජධානියෙන් චෝදනා

පසුගිය මාසයේ යුක්‍රේනයේ ඔඩේසා වරායේ රැඳී සිටි සිවිල් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කර ගනිමින් රුසියාව කෲස් මිසයිල කිහිපයක් එල්ල කළ බවට එක්සත් රාජධානිය චෝදනා කර තිබෙනවා

අගෝස්තු 24 වන දින එල්ල වූ මෙම ප්‍රහාරය යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කරන ලද බවද එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය සඳහන් කරනවා

ලයිබීරියානු ධජය සහිත නෞකාව රුසියානු ගුවන් නෞකාවක් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

ජූලි මාසයේදී රුසියාව අනතුරු ඇඟවූයේ කළු මුහුද හරහා යුක්‍රේනයේ වරායන් වෙත ගමන් කරන නැව් හමුදා ඉලක්ක වන බවයි.

කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය අපනයනය කිරීමට සිවිල් භාණ්ඩ නැව්වලට නිදහස ලබා දෙන බවට පොරොන්දු වූ ධාන්‍ය ගනුදෙනුවකින් මොස්කව් ඉවත් වීමෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුවුණා

ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ

Share This