ළඟදීම මෙරටට පැමිණෙන IMF නියෝජිතයින්

ළඟදීම මෙරටට පැමිණෙන IMF නියෝජිතයින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ළඟදීම මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතව ඇති බව සඳහන්.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ IMF විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම ලබන 14 වනදා සිට 24 වනදා දක්වා සිදු කෙරෙන බවයි.

ඒ අනුව ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ සාකච්ඡාවන්හි අවසන් සාකච්ඡාව බොහෝදුරට ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

එම අවසන් සාකච්ඡාව සාර්ථකව නිම කිරීමෙන් පසුව විස්තීර්ණ ණය මුදලේ දෙවන වාරිකය මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

Share This