උතුරු කොරියානු නායකයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර සාකච්ඡා ඇරඹේ

උතුරු කොරියානු නායකයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර සාකච්ඡා ඇරඹේ

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සාකච්ඡා නිල වශයෙන් ආරම්භ වී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

නායකයින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා ඇවිදමින් සිටියදී, ඔවුන් සියලු ගැටලු සාකච්ඡා කරන බවයි රුසියානු ජනාධිපතිවරයා තහවුරු කර ඇත්තේ

ඔවුන් සමග පැමිණි දූත පිරිසද නායකයින් දෙදෙනාගේ සාකච්ඡා සඳහා එක්ව සිටිනවා

ඔවුන් චන්ද්‍රිකා තාක්‍ෂණය ගැන සාකච්ඡා කරන බව ද පුටින් පවසනවා

උතුරු කොරියාවේ අභ්‍යවකාශ වැඩසටහන සංවර්ධනය කිරීමට කිම් උනන්දු වන බවත්, උතුරු කොරියාවේ චන්ද්‍රිකා සඳහා රුසියාව සහය ලබා දෙන බවත් පුටින් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This