පුටින් සහ කිම් අතර සාකච්ඡා අවසන්

පුටින් සහ කිම් අතර සාකච්ඡා අවසන්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පැයකට අධික කාලයක් පුරා පැවති සාකච්ඡා අවසන් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා

සාකච්ඡා ආරම්භයේදීම උතුරු කොරියානු නායකයා “මම සැමවිටම රුසියාව සමග සිටිමි ” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයාට පවසා තිබෙන බව සඳහන්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාවේ Vostochny Cosmodrome අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සාකච්ඡා සඳහා අසුන් ගත් අතර එහිදී පුටින් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ දෙදෙනාට සාකච්ඡා කිරීමට බොහෝ දේ ඇති බවයි.

“ඔබව නැවත රුසියාවේදී දැකීමට සහ පිළිගැනීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා මුලින්ම පවසා ඇති අතර උතුරු කොරියානු නායකයා හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ “ඇත්ත වශයෙන්ම, අපි ආර්ථික සහයෝගීතාව, මානුෂීය ගැටළු සහ කලාපයේ තත්ත්වය පිළිබඳ ගැටළු ගැන කතා කළ යුතුයි. එමෙන්ම දෙරටට සහයෝගයෙන් කටයුතු කළ හැකි බොහෝ ගැටලු ඇති බවයි ” යනුවෙනුයි

උතුරු කොරියානු නායකයා රුසියානු ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ මෙම විශේෂ ස්ථානයේ රැස්වීම පැවැත්වීම ගෞරවයක් බවයි, එමෙන්ම ඔබේ රටේ ඇති අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයක මෙම අවස්ථාව ලබා දීමෙන් අද සහ හෙට පිළිබඳ ගැඹුරු අවබෝධයක් අපට ලැබුණු බවයි

තවදුරටත් රුසියාව සිය ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ආධිපත්‍යවාදී බලවේගයන්ට එරෙහිව නැගී සිටීම ගැන උතුරු කොරියානු නායකයා ප්‍රශංසා කළ අතර, එක්සත් ජනපදය සහ බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව කරන සියල්ලට විරුද්ධත්වය පෑමට පූර්ණ සහ කොන්දේසි විරහිතව සහයෝගය ප්‍රකාශ කරන බවද සඳහන් කර තිබෙනවා

Share This