ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 11ක් මරුට

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 11ක් මරුට

ඉන්දියාවේ රාජස්ථානයේ භාරත්පූර් හි ප්‍රධාන අධිවේගී මාර්ගයේ ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ

මෙම බස් රථය රාජස්ථානයේ පුෂ්කාර් සිට උත්තර් ප්‍රදේශ් හි වෘන්දවන් දක්වා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා

දිවි ගලවා ගත් අයෙක් පවසා තිබෙන්නේ වේගයෙන් පැමිණි ට්‍රක් රථය බස් රථයේ ගැටෙන විට රියදුරු සහ මගීන් කිහිප දෙනෙකු බස් රථය පිටුපස සිටගෙන සිටි බවයි.

ඒ අවස්ථාවේ බස් රථයේ ඉන්ධන අවසන්වීමෙන් පසු ලකාන්පූර් ප්‍රදේශයේ ඇන්ත්‍රා ගුවන් පාලම අසල නතර කර තිබී ඇති අතර ට්‍රක් රථය පිටුපසින් පැමිණ එහි ගැටී තිබෙනවා .

පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ

Share This