අමෙරිකාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක වැඩ වර්ජනයක්

අමෙරිකාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක වැඩ වර්ජනයක්

අමෙරිකාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් තුනක සේවය කරන කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව එක්සත් මෝටර් රථ සේවක සංගමය පවසනවා

General Motors, Ford සහ Stellantis යන සමාගම්වලට අයත් කර්මාන්තශාලා තුනකයි මෙලෙස වැඩ නතර කර තිබෙන්නේ

එක්සත් මෝටර් රථ සේවක සංගමය පවසන්නේ සමාගම් පිළිගත හැකි දීමනා ඉදිරිපත් කර නොමැති බවයි.

මෙම වර්ජනය හේතුවෙන් ගැණුම්කරුවන්ට ඉහළ මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෝටර් රථ කර්මාන්තයේ දැවැන්තයින් ලෙස සැළකෙන මෙම මෝටර් රථ නිෂ්පාදකයින්ට මෙය විශාල පාඩුවක් ඇති කරනු ඇති බවද සඳහන්

General Motors හි Wentzville මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් කම්හලකත්, Michigan හි Ford’s Bronco කම්හලකත් , Stellantis ට අයත් Toledo Jeep කම්හලකත් මෙම වර්ජනය ආරම්භවී තිබෙනවා

ජනාධිපති ජෝ බයිඩන්ද දුරකථනයෙන් මේ පිළිබඳව අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කළ බවද ධවල මන්දිරය පවසනවා

වසර හතරක් පුරාවට එහි සාමාජිකයින් 40% වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This