එක්සත් ජනපදයට මිසයිල කොටස් යැවීම නිසා රුසියානු ජාතිකයෙකුට සිර දඬුවම්

එක්සත් ජනපදයට මිසයිල කොටස් යැවීම නිසා රුසියානු ජාතිකයෙකුට සිර දඬුවම්

එක්සත් ජනපදයට මිසයිල කොටස් යැවීම සම්බන්ධයෙන් රුසියානු ජාතිකයෙකුට එරට අධිකරණයක් විසින් දේශද්‍රෝහී වරදකට වරදකරු කර වසර 12 1/2 ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) මෙම පුද්ගලයා Sergei Kabanov ලෙස නම් කර ඇති අතර ඔහු ලැට්වියාව හරහා ඇලබාමා හි පිහිටි එක්සත් ජනපද සමාගමකට මිසයිල කොටස් ගෙනැවිත් ඇති බවයි පැවසෙන්නේ

එය එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිවල සහ රේඩාර් පදනම් වූ ආයුධ පද්ධතිවල භාවිතා කරන කොටස් හොර රහසේ රැගෙන ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

 

 

Share This