නව මාර්ගයක් භාවිත කරමින් ධාන්‍ය නැව් යුක්‍රේනයට

නව මාර්ගයක් භාවිත කරමින් ධාන්‍ය නැව් යුක්‍රේනයට

නව මාර්ගයක් භාවිත කරමින් කළු මුහුද හරහා ගමන් කර භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් වරායකට පැමිණි බව යුක්‍රේන වරාය බලධාරීහු පවසනවා.

අදාළ නෞකා ඊයේ (17) Chornomorsk වෙත ළඟා වූ අතර, ලෝක වෙළඳපොළට තිරිඟු ටොන් 20,000ක් පැටවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

යුක්‍රේන කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ මෙම යාත්‍රා මගින් තිරිඟු ඊජිප්තුවට සහ ඊශ්‍රායලයට අපනයනය කෙරෙන බවයි

යුක්‍රේන වරායවලින් ධාන්‍ය අපනයනය සඳහා පහසුකම් සලසන එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ගිවිසුමක් පසුගිය දා රුසියාව විසින් අත්හැර දමනු ලැබුවා

එමෙන්ම සූරියකාන්ත තෙල්, බාර්ලි, බඩ ඉරිඟු සහ තිරිඟු වැනි බෝග අපනයනය කරන ලොව ප්‍රධානම සැපයුම්කරුවා වන්නේ යුක්‍රේනයයි.

Share This