යුක්‍රේන යුද්ධය ඉක්මනින් නිමා වන්නේ නැහැ – නේටෝ ප්‍රධානියා

යුක්‍රේන යුද්ධය ඉක්මනින් නිමා වන්නේ නැහැ – නේටෝ ප්‍රධානියා

යුක්‍රේනයේ පවතින යුද්ධය ඉක්මනින් නිමාවක් නොවනු ඇතැයි නේටෝ ප්‍රධානියා අනතුරු අඟවා තිබෙනවා

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාවට එරෙහි කියෙව්හි ප්‍රතිප්‍රහාර දිගටම කරගෙන යන බවත් යුද්ධය දිගු විය හැකි බවත්ය

යුක්‍රේනය මෑත සතිවල ප්‍රචාරක ජයග්‍රහණ උද්දීපනය කිරීමට උත්සාහ කර ඇති බවත් එය විශාල ප්‍රගතියක් නොමැතිව මාස ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරනවා

එමෙන්ම රුසියාව නැවත වරක් යුක්‍රේන බලශක්ති යටිතල ව්‍යුහය කඩාකප්පල් කිරීමට උත්සාහ කරනු ඇති බවද නේටෝ මහලේකම්වරයා පවසනවා

වැඩිදුරටත් ඔහු පවසන්නේ “අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඉක්මන් සාමයක්. නමුත් ඒ සමගම අපි හඳුනාගත යුතුයි ජනාධිපති සෙලෙන්ස්කි සහ යුක්‍රේනියානුවන් සටන අත්හරින්නේ නම් ඔවුන්ගේ රට තවදුරටත් නොපවතින බව.එමෙන්ම ජනාධිපති පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති බවත්ය”.

“මෙම යුද්ධය අවසන් කිරීමට ඇති පහසුම ක්‍රමය වනුයේ පුටින් තම හමුදා ඉවත් කරගතහොත් පමණක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා

Share This