ඉන්දීය පාර්ලිමේන්තු සැසිවාරයට නීති සම්පාදකයින් සහභාගීවීමේ සූදානමක්

ඉන්දීය පාර්ලිමේන්තු සැසිවාරයට නීති සම්පාදකයින් සහභාගීවීමේ සූදානමක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් කැඳවා ඇති පස්දින විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට ඉන්දීය නීති සම්පාදකයින් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය මාසයේ සැසිවාරය ප්‍රකාශයට පත් කරනු ලැබුවා

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ සැසියේ කාලසීමාව කෙටි විය හැකි නමුත් ඓතිහාසික තීරණ එයට ඇතුළත් වනු ඇති බවයි.

එරට රජය පවසන පරිදි පනත් කෙටුම්පත් අටක් සාකච්ඡා කිරීම සඳහා ලැයිස්තුගත කර තිබෙනවා

එහෙත් මේ වසර අගදී පාර්ලිමේන්තුවේ සැසිවාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වීමට නියමිතව තිබියදී මෙම පනත් ගැන සාකච්ඡා කිරීමට විශේෂ සැසියක් අවශ්‍ය දැයි විපක්ෂ නායකයින් ප්‍රශ්න කර ඇති බවද සඳහන්

Share This