රුසියාවේ ක්‍රියාවන් විශ්වාස කළ නොහැකියි – යුක්‍රේන ජනපති එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියයි

රුසියාවේ ක්‍රියාවන් විශ්වාස කළ නොහැකියි – යුක්‍රේන ජනපති එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියයි

තම රටට එරෙහි රුසියානු ආක්‍රමණය අවසන් කිරීමට එක්වන ලෙස යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඉල්ලා තිබෙනවා

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ රුසියාවේ ක්‍රියාවන් පිළිබඳ විශ්වාස කළ නොහැකි බවයි

න්‍යෂ්ටික සන්නද්ධ මොස්කව් ලෝකය අවසන් යුද්ධයට තල්ලු කිරීම නැවැත්විය යුතු බවයි නිව් යෝර්ක් හි දී යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ

රුසියාව ලෝකයට එල්ල කරන අන්තරාය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවත් න්‍යෂ්ටික අවි තබා ගැනීමට අයිතියක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා

“අවි ආයුධ භාවිතය වැළැක්විය යුතුය, යුද අපරාධවලට දඬුවම් කළ යුතුය, පිටුවහල් කළ මිනිසුන් ආපසු ගෙදර පැමිණිය යුතුය, සහ ආක්‍රමණිකයා තම භූමියට ආපසු යා යුතුය”යනුවෙන්ද යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා

යුක්‍රේන දරුවන් පැහැරගෙන යාමෙන් මොස්කව් ජන සංහාරයක් සිදු කරන බවට ද යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රධාන ලෙසින් කරුණු දැක්වූයේ යුද්ධයේ ප්‍රතිඵලය සෑම කෙනෙකුටම බලපාන බවට ජාත්‍යන්තර ප්‍රජාවට අනතුරු ඇඟවීමට බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This