ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් 6ක් ඝාතනය කෙරේ

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් 6ක් ඝාතනය කෙරේ

බටහිර ඉවුරේ සහ ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් හය දෙනෙකු ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ජෙනින් සරණාගත කඳවුරට රාත්‍රියේ සිදු වූ හමුදා ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර සිව් දෙනෙකු මිය ගිය බවයි පලස්තීන වෛද්‍යවරුන් පවසන්නේ

එමෙන්ම ජෙරිකෝ හි ඊශ්‍රායල ප්‍රහාරයක් අතරතුර තවත් පලස්තීන තරුණයෙකු මිය ගොස් තිබෙනවා

ගාසා-ඊශ්‍රායල් වෙන් කිරීමේ වැට අසල ඊයේ (19) සවස පැවති ප්‍රචණ්ඩ පෙලපාලි අතරතුර හයවැන්නා ඝාතනය වූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

තම හමුදා ප්‍රාදේශීය තුවක්කුකරුවන් සමග වෙඩි හුවමාරු කර ගත් අතර මරාගෙන මැරෙන ඩ්‍රෝන යානයක් භාවිතා කරමින් දුර්ලභ ප්‍රහාරයක් එල්ල කළ බවයි හමුදාව ප්‍රකාශ කරන්නේ

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඝාතනයට ලක්වූ පලස්තීනුවන් හතර දෙනාම 20 හැවිරිදි තරුණයින් බවයි පැවසෙන්නේ

මේ අතර පලස්තීන සටන්කාමී කණ්ඩායම් පැවසුවේ මියගිය අයගෙන් තිදෙනෙකු ඔවුන්ගේ සාමාජිකයන් බවයි.

Share This