යුක්‍රේනයට ආයුධ සැපයීම පෝලන්තය නවතා දමයි

යුක්‍රේනයට ආයුධ සැපයීම පෝලන්තය නවතා දමයි

යුක්‍රේනයේ ශක්තිමත්ම මිත්‍ර රාජ්‍යයක් වන පෝලන්තය මින් ඉදිරියට අවි ආයුධ රටට ලබා නොදෙන බව නිවේදනය කර තිබෙනවා

ධාන්‍ය සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් උත්සන්න වීමත් සමග මෙම පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඒ වෙනුවට වඩාත් නවීන ආයුධවලින් සන්නද්ධ වීමට අවධානය යොමු කරන බව පෝලන්ත අගමැතිවරයා සඳහන් කරනවා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් කරන ලද අදහස් සම්බන්ධයෙන් පෝලන්තය යුක්‍රේනයේ තානාපතිවරයාවද කැඳවා තිබෙනවා

පෝලන්ත අගමැති Mateusz Morawiecki, ධාන්‍ය ආනයනය සම්බන්ධයෙන් දෙරට අතර ශීඝ්‍රයෙන් උත්සන්න වූ ආතතීන් මධ්‍යයේ දේශනයකදී යුක්‍රේනයට තවදුරටත් ආයුධ සැපයීමේ තීරණය පිළිබඳව ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය පවසනවා

ධාන්‍ය ආරවුල ආරම්භ වූයේ රුසියාව විසින් යුක්‍රේනය සම්පූර්ණයෙන් ආක්‍රමණය කිරීමත් සමග කළු මුහුදේ ප්‍රධාන නැව් මාර්ග වසා දමා විකල්ප ගොඩබිම් මාර්ග සොයා ගැනීමට යුක්‍රේනයට බල කිරීමත් සමගයි

එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුරෝපා සංගමය රටවල් පහකට ධාන්‍ය ආනයනය කිරීම තාවකාලිකව තහනම් කරනු ලැබුවා .

බල්ගේරියාව, හංගේරියාව, පෝලන්තය, රුමේනියාව සහ ස්ලෝවැකියාව දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සඳහා යුක්‍රේන ධාන්‍යවල මිල දේශීයව පහත හෙලනු ඇතැයි බියවූ අතර එම තහනම සැප්තැම්බර් 15 වැනිදා අවසන් වුණා

යුරෝපා සංගමය එය අලුත් නොකිරීමට තීරණය කළ නමුත් හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය එය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This