මොරොක්කෝවේ භූමිකම්පාවෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමට ඩොලර් බිලියන 12ක්

මොරොක්කෝවේ භූමිකම්පාවෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමට ඩොලර් බිලියන 12ක්

සැප්තැම්බර් 8වන දින මොරොක්කෝවේ සිදුවූ භූමිකම්පාවෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 12ක් ලබා දෙන බව මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු ප්‍රකාශ කර තිබෙනවා

භූමිකම්පාවෙන් වැඩිපුරම බලපෑමට ලක් වූ පළාත්වල මිලියන 4.2 කට වැඩි ජනතාවට ආධාර කිරීම සඳහා ද මෙම අරමුදල් භාවිතා කරන බවයි රජු ප්‍රකාශ කර තිබෙන්නේ .

මෙම අරමුදල් වසර පහක කාලයක් තුළ විපතට පත් පුද්ගලයින් නැවත පදිංචි කිරීම, නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භාවිතා කරන බවද සඳහන් වනවා

මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකයේ 6.8ක භූමිකම්පාවෙන් පුද්ගලයන් 2,900කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 5,000කට අධික පිරිසක් තුවාල ලැබුවා

භූමිකම්පාවෙන් යටිතල පහසුකම් රැසකට සහ හයි ඇට්ලස් කඳුකරයේ නිවාස 50,000 කට වඩා විනාශ වී තිබෙන බවටයි වාර්තා වන්නේ

මේ වන විට මොරොක්කෝවට එහි භූමිකම්පා ප්‍රතිසාධන සැලැස්මට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 700 ක පරිත්‍යාගයක් ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This