දකුණු චීන මුහුදේ කොරල්පර විනාශ කරන බවට පිලිපීනයෙන් චීනයේ සමුද්‍ර හමුදාවට චෝදනා

දකුණු චීන මුහුදේ කොරල්පර විනාශ කරන බවට පිලිපීනයෙන් චීනයේ සමුද්‍ර හමුදාවට චෝදනා

මීට වසර දෙකකට පෙර මසුන් සහ මුහුදු පැලෑටි වලින් පිරුණු විචිත්‍රවත් ගල්පර දකුණු චීන මුහුදේ කොරල්පර සහිත ප්‍රදේශය මුඩුබිමක් බවට පත් කර ඇති බවට පිලිපීන රජය විසින් චීනයට චෝදනා කරනවා.

පිලිපීන රජය පවසන්නේ එහි වගකීම චීනයේ shadowy maritime militia අංශය භාරගත යුතු බවයි.

චීනය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, Flashpoint ජල මාර්ගය සම්බන්ධයෙන් තම අසල්වැසියා වන පිලිපීනය සමගින් තවත් මහජන මතභේදයක් ගොඩ නගාගෙන තිබෙන බවද සඳහන්.

පිලිපීන වෙරළාරක්ෂක බලකාය විසින් සඳුදා නිකුත් කරන ලද වීඩියෝ දර්ශන මගින් දකුණු චීන මුහුදේ Rozul Reef සහ Sabina Shoal ප්‍රදේශයේ Bleach කරන ලද කොරල්පර විශාල ප්‍රමාණයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒවා රටේ ජාත්‍යන්තරව පිළිගත් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ඇති සාගර වස්තූන් ලෙසයි පිලිපීනය පෙන්වා දෙන්නේ.

මෙම ගල්පර දෙකම දකුණු චීන මුහුද ඉදිරිපිට පිලිපීනයේ නිරිතදිග දූපත් දාමය වන පලවාන් අසල පිහිටා තිබෙනවා.

නමුත් පිලිපීනයට ඇති හිමිකම් සහ ජාත්‍යන්තර තීන්දු නොතකා චීනය විශාල හා උපායමාර්ගික වශයෙන් වැඩි ප්‍රමාණයක් තමන්ගේම භූමියක් ලෙස ප්‍රකාශ කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වෙරළාරක්ෂක ප්‍රකාශක Jay Tarriela පවසන්නේ කිමිදුම්කරුවන් මුහුදු පත්ලේ සමීක්ෂණ සිදු කර ඇති අතර එම සමික්ෂණ වලින් චීනය විසින් එම ප්‍රදේශයේ ස්වාභාවික භූ විෂමතාව වෙනස් කිරීමට හිතාමතා කර ඇති ක්‍රියාකාරකම් පෙන්නුම් කරන බවයි.

Share This