ප්‍රංශ රැප් ගායකයෙකුට සිර දඬුවම්

ප්‍රංශ රැප් ගායකයෙකුට සිර දඬුවම්

පැරිසියේ දී තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ රැප් ගායකයෙකු වන MHD හෙවත් මොහොමඩ් සිල්ලාට වසර 12ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

2018 වසරේ දී පැරීසියේ දී MHD ඇතුළු පිරිසක් එක්ව 23 හැවිරිදි ලොයික්කේ නමැති තරුණයාව පහර දී පිහියෙන් ඇණ ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි අදාළ පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත් MHD විසින් දිගින් දිගටම අධිකරණය හමුවේ පැවසුවේ තමන් නිර්දෝෂී බවයි

මීට අමතරව MHD ඇතුළු සම විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 10 ත් 18 ත් අතර සිරදඬුවම් ද ලබා දී ඇති අතර තවත් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා

Share This