නයිජීරියාවේ ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමෙන් පසු එරට රජය ගත් පියවර

නයිජීරියාවේ ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමෙන් පසු එරට රජය ගත් පියවර

නයිජීරියාවේ බෙනින් ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමෙන් පසු එරට රජය සියලු ඉන්ධන ගබඩා පහසුකම් අධීක්ෂණය කිරීමට නියෝග කර තිබෙනවා .

පසුගිය සෙනසුරාදා (23) දකුණු බෙනින් ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනෙකුත් ප්‍රදේශවල මෙවැනි අනතුරු සිදුවීම වැළක්වීම සඳහා සියලුම ඉන්ධන ගබඩා පිළිබඳ සම්පූර්ණ අධීක්ෂණයක් කරන බවයි පැවසෙන්නේ

විශේෂයෙන් රට පුරා පෙට්‍රල් ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධ ජාවාරම් ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා එරට රජය විසින් දැනුවත් කිරීම සහ ගෙන ඇති ක්‍රියාමාර්ග නොතකා, ඇතැම් පුද්ගලයින් නුසුදුසු ස්ථානවල පෙට්‍රල් ගබඩා කිරීම දිගටම කරගෙන යන බවද විදෙස් මාධ්‍ය පවසනවා

සෙනසුරාදා සිදුවීම සිදුව තිබෙන්නේ නයිජීරියාවේ මායිම ආසන්නයේ දකුණු නගරයේ සෙමේ පොඩ්ජි හි ජනාකීර්ණ වෙළඳපොළක ඩිපෝවකයි .

එම අනතුරින් අවම වශයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This