2027 වන විට තායිවානයෙන් නව සබ්මැරීන දෙකක්

2027 වන විට තායිවානයෙන් නව සබ්මැරීන දෙකක්

2027 වසර වන විට තායිවානය විසින් දේශීයව සංවර්ධනය කරන ලද සබ්මැරීන දෙකක් සිය ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

චීන නාවික හමුදාවට එරෙහිව කටයුතු කිරීමේ සහ ප්‍රධාන සැපයුම් මාර්ග ආරක්ෂා කිරීමේ අරමුණින් තායිවානය එම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තායිවානය තමන්ගේම භූමි ප්‍රදේශයක් ලෙස චීනය ප්‍රකාශ කර ඇති අතර සිය ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ඔවුන් දිනපතාම පාහේ යුද අභ්‍යාසවල නිරත වන බව සඳහන්.

ඒ අනුව සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක ප්‍රධාන අංගයක් ලෙස සබ්මැරීන නිපදවීමට තායිවානය යොමුව ඇති බව සඳහන්

Share This