දකුණු කොරියානු ජනපති බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයකට එක්වීමේ සූදානමින්

දකුණු කොරියානු ජනපති බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයකට එක්වීමේ සූදානමින්

තුන්වන චාල්ස් රජුගේ ආරාධනය පිළිගෙන දකුණු කොරියානු ජනාධිපතිවරයා නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක් සඳහා පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රජු සහ කැමිලා රැජින බකිංහැම් මාලිගයේදී දකුණු කොරියානු ජනපති Yoon Suk-yeol සහ ඔහුගේ බිරිඳ Kim Keon Hee පිළිගනු ඇති බවද සඳහන් වනවා

ඔහුගේ එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයේ විස්තර නිකුත් කර නැති නමුත් සංචාරය බොහෝ විට බකිංහැම් මාලිගය වෙත චාරිත්‍රානුකූල පිළිගැනීමේ සහ කරත්ත පෙරහැරකින් පසුව, පළමුදිනයේ සවස රාජ්‍ය භෝජන සංග්‍රහයකින් ආරම්භ වනු ඇති බවයි පැවසෙන්නේ

සාමාන්‍යයෙන් අමුත්තන් 150 කට පමණ ඒ සඳහා ආරාධනා ලබනු ඇති

දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට පෙර මාළිගාවේ රාජ්‍ය නායකයින් සහ නිල විදේශීය අමුත්තන් පිළිගැනීමේ උත්සවයේදී රජු සහ දකුණු කොරියානු ජනාධිපතිවරයා මීට පෙර හමුවී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

62 හැවිරිදි දකුණු කොරියානු ජනපති Yoon Suk-yeol පසුගිය අප්‍රේල් මාසයේදී එක්සත් ජනපදයට පැමිණි අතර එහිදී ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉල්ලීම පරිදි ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක දී ඔහුගේ ප්‍රියතම ගීත වලින් එකක් වන Don McLean ගේ American Pie ගීතයද ගායනා කරනු ලැබුවා

එමෙන්ම උතුරු කොරියානු න්‍යෂ්ටික තර්ජනයට මුහුණ දීම සඳහා දකුණු කොරියානු ජනපතිවරයා එක්සත් ජනපදය සමග සුවිශේෂී ගිවිසුමක්ද ඇති කර ගනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This