අසර්බයිජානයේ Nagorno-Karabakh හි ඉන්ධන ගබඩාවක පිපිරීමකින් 20ක් මරුට

අසර්බයිජානයේ Nagorno-Karabakh හි ඉන්ධන ගබඩාවක පිපිරීමකින් 20ක් මරුට

අසර්බයිජානයේ Nagorno-Karabakh හි ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසනවා .

පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් රෝහල්වලට ඇතුළත් කර ඇති අතර බොහෝ පිරිසක් තවමත් අසාධ්‍ය තත්ත්වයේ සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ

සරණාගතයින් 13,350 ක් Nagorno-Karabakh ප්‍රදේශයෙන් රට තුළට පැමිණි බව අර්මේනියානු රජය ප්‍රකාශ කර තිබෙනවා

Nagorno-Karabakh ප්‍රදේශයේ 120,000 පමණ වාර්ගික අර්මේනියානුවන්ගෙන් බහුතරයක් වාසය කරනවා

 

Share This