ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්.

කෙසේවෙතත් එම සංචිතය සඳහා වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර නම් කර නැහැ.

ඒ ඔවුන් විවිධ ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.

වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇති අතර ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව කණ්ඩායම සමග අතිරේක ක්‍රීඩකයෙක් ලෙස චාමික කරුණාරත්න ද නම් කර තිබෙනවා.

 

Share This