නාසි ප්‍රවීණයෙකුට පාර්ලිමේන්තුවේදී ගෞරව දැක්වීමෙන් පසු කැනඩා අගමැතිවරයා සමාව ඉල්ලයි (VIDEO)

නාසි ප්‍රවීණයෙකුට පාර්ලිමේන්තුවේදී ගෞරව දැක්වීමෙන් පසු කැනඩා අගමැතිවරයා සමාව ඉල්ලයි (VIDEO)

නාසි ඒකකයක් වෙනුවෙන් සටන් කළ යුක්‍රේන ජාතිකයෙකුට කැනඩා පාර්ලිමේන්තුවේ දී නොදැනුවත්වම අත්පොලසන් දීමෙන් පසුව ඒ වෙනුවෙන් එරට අගමැති ජස්ටින් ටෘඩෝ සමාව අයැද තිබෙනවා

මෙය පාර්ලිමේන්තුව සහ කැනඩාව දැඩි ලෙස අපහසුතාවයට පත් කළ වැරැද්දක් යනුවෙන්ද ඔහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

98 හැවිරිදි Yaroslav Hunkaට ආරාධනා කිරීමේ වගකීම භාරගත් කථානායක Anthony Rota පසුගිය අඟහරුවාදා තම තනතුරෙන්ද ඉල්ලා අස්වුණා

මෙම සිදුවීම ගෝලීය හෙළා දැකීමට ලක්ව ඇති බවද සඳහන්

කැනඩා පාර්ලිමේන්තුවට පැමිණ සිටි යුක්‍රේනයේ ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගෙන් කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ සෘජුවම කැනඩාව දැඩි ලෙස කණගාටුවට පත්වන බව සඳහන් කරමින් සමාව අයැද තිබෙනවා

පසුගිය සිකුරාදා දින මෙම සභාවේ සිටි අප සියල්ලන්ම මේ සඳහා වූ හේතු කාරණය නොදැන එසේ කළද සිටගෙන අත්පුඩි ගැසීම ගැන ගැඹුරින් කණගාටුවට පත්වෙනවා යනුවෙන්ද කැනඩා අගමැතිවරයා වැඩිදුරටත් පවසනවා

සිදුවූ දෙය යුදෙව් ජනතාවට සහ නාසි ජන සංහාරයෙන් ඉලක්ක වූ මිලියන ගණනකට වේදනාකාරී දෙයක් බවත් සමූලඝාතනයෙන් මියගිය මිලියන ගණනකගේ මතකය යළිත් අවදිකිරීමක් බවද ඔහු පවසනවා .

මේ අවස්ථාවේදී යුක්‍රේන නායකයා ද පාර්ලිමේන්තුවේ සිටි බවයි වාර්තා වන්නේ

දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ඒකකයක් සමග සටන් කළ Yaroslav Hunka ප්‍රශංසාවට ලක් වූ අතර යුක්‍රේනියානු සහ කැනේඩියානු වීරයෙකු ලෙසයි පැසසුමට ලක්ව ඇත්තේ .

ඔහු නාසි අණ යටතේ බොහෝ වාර්ගික යුක්‍රේනියානුවන්ගෙන් සමන්විත ස්වේච්ඡා ඒකකයක් වන 14 වන Waffen-SS Grenadier අංශයේ සේවය කර ඇති අතර එම ඒකකය යුද අපරාධ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් වරදකරු කර නොතිබුණද, පෝලන්ත සහ යුදෙව් සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එහි සේවය කළ සාමාජිකයින්ට චෝදනා එල්ල වී තිබෙනවා

මේ අතර කැනඩාවේ කථානායක ඉල්ලා අස්වීමෙන් පසු පවසා ඇත්තේ Yaroslav Hunka ගේ නාසි සබඳතා පිළිබඳව තමා නොදැන සිටි බවත් ඔහුට පාර්ලිමේන්තුවට ආරාධනා කිරීමේදී වරදක් කළ බවත්ය.

Share This