වඳවීමේ තර්ජනයට මුහුණදී සිටින පැන්ගෝලින්ගේ නව විශේෂයක් හමුවෙයි

වඳවීමේ තර්ජනයට මුහුණදී සිටින පැන්ගෝලින්ගේ නව විශේෂයක් හමුවෙයි

වඳවීමේ තර්ජනයට මුහුණදී සිටින පැන්ගෝලින් සත්ත්වයින්ගේ නව විශේෂයක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැන්ගෝලින් යනු ලෝකයේ වැඩියෙන්ම දඩයමට ලක්වන අසතුන් වන අතර එම සත්ත්වයින් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත්තේ ඒ නිසා බවයි සත්ත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

නමුත් මෙම නව විශේෂය සොයා ගැනීම සංරක්ෂණවාදීන්ට ඔවුන්ගේ වඳවී යාමට එරෙහිව සටන් කිරීමට උපකාරී වනු බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

කලින් හඳුනාගෙන සිටි පැන්ගෝලින් විශේෂ අටක් ඇති අතර හතරක් ආසියාවේ සහ හතරක් අප්‍රිකාවේ දක්නට ලැබෙනවා.

වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ හුදකලාව සිටින ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් වන පැන්ගෝලින්ගේ මස් සහ විශේෂිත ආයුධ වැනි කොරපොතු සඳහා නීති විරෝධී ලෙස දඩයම් කර ප්‍රවාහනය කරනු ලබන අතර, ඒවා ඖෂධීය වටිනාකමක් ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් සංක්රක්ෂණය කරමින් සිටින පැන්ගෝලින් සත්ත්වයින්ගේ නව විශේෂයක් සොයා ගැනීම ඉතා සුවිශේෂී අවස්ථාවක් බවයි සත්ත්ව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This