ස්පාඤ්ඤයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 06 දෙනෙකු මරුට

ස්පාඤ්ඤයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 06 දෙනෙකු මරුට

ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක අද (01) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගින්න හටගත් අවස්ථාවේ රාත්‍රී සමාජ ශාලාවේ සිටි බවට සැලකෙන තවත් පිරිසක් තවමත් අතුරුදන්ව සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්.

එමෙන්ම එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු දුම් ආශ්වාස කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ටීටර් නැමැති එම රාත්‍රී සමාජ ශාලාවේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින්ට පැය තුනක පමණ කාලයක් ගත වූ බවයි ප්‍රාදේශීය හදිසි සේවා සඳහන් කර ඇත්තේ

ගිනි ගැනීමට ලක් වූ රාත්‍රී සමාජ ශාලාව ගිනිකොනදිග ස්පාඤ්ඤයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ප්‍රාදේශීය බලධාරීන් විසින් ගින්නට හේතුව විමර්ශනය කරන බවයි වාර්තා වන්නේ

Share This