ඊජිප්තුවේ පොලිස් මධ්‍යස්ථානයක විශාල ගින්නක් – 25 කට තුවාල

ඊජිප්තුවේ පොලිස් මධ්‍යස්ථානයක විශාල ගින්නක් – 25 කට තුවාල

අද (02) අලුයම් කාලයේ ඊජිප්තුවේ සූවස් ඇල නගරයේ ඉස්මයිලියා හි පොලිස් මධ්‍යස්ථානයක විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලැබූ බව හදිසි සේවා සහ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරන බවයි පැවසෙන්නේ

ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

Share This