සංක්‍රමණිකයන් 280ක් රැගත් බෝට්ටුවක් කැනරි දූපත්වලට

සංක්‍රමණිකයන් 280ක් රැගත් බෝට්ටුවක් කැනරි දූපත්වලට

සංක්‍රමණිකයන් 280ක් රැගත් කුඩා බෝට්ටුවක් ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙත ළඟා වී තිබෙනවා

ගලවා ගැනීමේ සේවකයින් පවසන්නේ බෝට්ටුවේ සිටි අය අප්‍රිකානු සම්භවයක් ඇති අය වන අතර එය එක් වරකින් දූපත් සමූහයට පැමිණි විශාලතම සංක්‍රමණිකයන් සංඛ්‍යාව බවයි.

මෙම බෝට්ටුව අඟහරුවාදා(03) අප්‍රිකාවේ බටහිර වෙරළට කිලෝමීටර් 380ක් ඔබ්බෙන් පිහිටි El Hierro නම් දූපතට ළඟා වී ඇති බව සඳහන්

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුව, වසර ආරම්භයේ සිට මේ දක්වා 140 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදන් වී තිබෙනවා

අප්‍රිකාවේ උතුරු වෙරළ තීරයේ සිට මධ්‍යධරණී මුහුද හරහා සංක්‍රමණිකයන් ගමන් කිරීම නැවැත්වීම සඳහා දැඩි පාලනයන් ක්‍රියාත්මක කර ඇති බැවින් මෑත වසරවලදී මෙම මාර්ගය භාවිතා කිරීම වැඩි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ස්පාඤ්ඤයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙම වසරේ ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කැනරි දූපත් වෙත සංක්‍රමණිකයන් 14,976ක් පැමිණ ඇති අතර එය 2022 එම කාල සීමාවට වඩා 19.8%ක වැඩිවීමක්

සෙනගල් නාවික හමුදාව පැවසුවේ දින තුනක කාලයකදී පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් සමඟ බෝට්ටු හතරක් අල්ලා ගත් බවයි.

Share This