ජලයෙන් සිදුවන දුර්ලභ ගණයේ අසාත්මිකතාවක් අමෙරිකානු තරුණියකට

ජලයෙන් සිදුවන දුර්ලභ ගණයේ අසාත්මිකතාවක් අමෙරිකානු තරුණියකට

ජලයෙන් සිදුවන දුර්ලභ ගණයේ අසාත්මිකතාවකින් අමෙරිකානු තරුණියක් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Aquagenic Urticaria හෙවත් ජල අසාත්මිකතාව ලෙස හඳුන්වන මෙම තත්ත්වය Tessa Hansen-Smith තරුණියට වයස අවුරුදු 8 දී ආරම්භ වී තිබෙනවා.

වසර ගණනාවක් පුරා ඇය එම අසාත්මිකතාවයෙන් පීඩා විඳිමින් සිටි අතර මේ වන විට තත්ත්වය නරක අතට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තරුණිය කුඩා අවදියේ නොයෙකුත් ජල ක්‍රීඩාවල නිරත වී ඇති අතර පසු කලෙකදී ඇයගේ රෝග ලක්ෂණ වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා.

ස්නානය කිරීම හෝ ජලය පානය කිරීම නිසා ඇගේ සමේ කැසීම, කුෂ්ඨ, දද වැනි තත්ත්වයන් හට ගන්නවා.

එමෙන්ම ස්නානය කිරීමෙන් අනතුරුව සමහර අවස්ථාවලදී හිසෙන් ලේ ගැලීමක්ද සිදු වූ බවයි මෙම තරුණිය පවසන්නේ.

මේ අසාත්මිකතවත් සමගින් තරුණිය දැඩි ලෙස සමාජයෙන්ද නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑ බව තරුණියගේ මව සඳහන් කර තිබෙනවා.

ජලය මගින් සිදුවන අසාත්මිකතාවක් සිදු විය නොහැකි බව පවසමින් මග තොටේදී මිනිසුන් තරුණියගේ ශරීරයට වතුර විසික් කරමින් හිරිහැර කළ බවද සඳහන්.

කෙසේ වෙතත් මේ තරුණිය අධික ලෙස දහඩිය දැමීමෙන් වැළකී සිටිය යුතු වනවා. ඒ නිසා ඇය වැඩි ප්‍රමාණයක් ගෘහස්ථව ගත කරන බවයි තරුණියගේ මව කියා සිටියේ.

මෙම දුර්ලභ ජල අසාත්මිකතාව හෙවත් Aquagenic Urticaria ඇති පුද්ගලයින් ලොව පුරා 100 සිට 250 ක් පමණක් වාර්තා වී ඇති බවයි ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

Share This