කිසිම රටක සිදු නොකළ දෑ ගවේෂණය කිරීම මීළඟ සඳ මෙහෙයුමේ අරමුණයි – චීනයෙන් ප්‍රකාශයක්

කිසිම රටක සිදු නොකළ දෑ ගවේෂණය කිරීම මීළඟ සඳ මෙහෙයුමේ අරමුණයි – චීනයෙන් ප්‍රකාශයක්

මීළඟ සඳ මෙහෙයුමේ අරමුණ වන්නේ කිසිම රටක් මෙතෙක් නොකළ දේ කිරීම බව චීනයේ අභ්‍යවකාශ පරිපාලනය පවසනවා.

මෙම දශකය තුළ සඳ මතට ගගනගාමීන් යැවීමට සහ ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට චීනය සිය සැලැස්ම ක්‍රියාත්මක කරමින් සිටින බවයි සඳහන් වන්නේ. .

සඳෙහි එක් පැත්තකින් රැස් කරන ලද පළමු සාම්පල නැවත ගෙන ඒමේ චීනයේ චන්ද්‍ර මෙහෙයුම ලබන වසරට නියමිතව ඇති බවයි නිලධාරීන් සඳහන් කරන්නේ.

Chang’e-6 ලෙස හැඳින්වෙන මීළඟ සැලසුම්ගත මෙහෙයුම සඳහා වූ සූදානම කාර්යක්ෂමව සිදුවෙමින් පවතින බව, චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පසුගිය සතියේ ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙම මෙහෙයුම සමග සම්බන්ධ වන relay චන්ද්‍රිකාව ලබන වසරේ මුල් භාගයේදී අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This