පියාව ලංසු තැබූ අට හැවිරිදි දියණිය

පියාව ලංසු තැබූ අට හැවිරිදි දියණිය

කිසියම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇති වූ සුළු මතභේදයකින් පසු දියණිය තම පියාගෙන් පළි ගැනීමට කරන ලද අපූරු සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අට හැවිරිදි දියණිය පියා සමග ඇති වූ විරසකයකින් පසුව “father on sale” නොහොත් පියා විකිණීමට ඇත යනුවෙන් නිවසේ දොරෙහි සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඇය පියාව ලක්ෂ දෙකක් ලෙසින් ලංසු තබා ඇති බවද සඳහන්.

මේ සිදුවීමට පියා ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ දියණිය දක්වා ඇති මුදලට අනුව ඔහුගේ වටිනාකම ඉතා අඩු බවයි.

පියාගේ ප්‍රතිචාරයට පිළිතුරු දක්වමින් බොහෝ දෙනා අට හැවිරිදි දැරියකට ලක්ෂ දෙකක් යනු සුළු මුදලක් නොවන බව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසන්නේ මෙම සිදු වීම හාස්‍ය උපදවන ඉතාමත් විනෝදජනක සිදුවීමක් බවයි.

Share This