ඔට්ටු ඇල්ලීමක් සම්බන්ධයෙන් බොලිවුඩ් නළු රන්බීර් කපූර්ට චෝදනා

ඔට්ටු ඇල්ලීමක් සම්බන්ධයෙන් බොලිවුඩ් නළු රන්බීර් කපූර්ට චෝදනා

Mahadev ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමට අදාළ නඩුව සම්බන්ධයෙන් බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය (ED) නළු රන්බීර් කපූර්ව Raipur හි ඒජන්සි කාර්යාලයට කැඳවා තිබෙනවා.

Mahadev මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයෙකු ලෙස ප්‍රශ්න කිරීම සඳහා රන්බීර් කපූර් කැඳවා නොමැති අතර ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුට ලැබුණු මුදල් මූලාශ්‍රය පිළිබඳ ප්‍රශ්න කිරීමට නළුවා කැඳවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව අද(06) Chhattisgarh හි කාර්යාලයේ පෙනී සිටින ලෙස ED විසින් රන්බීර්ට දන්වා ඇති බව වාර්තා වනවා.

ඔහුට ලැබුණු මුදල් මූලාශ්‍ර පිළිබඳ ඔහුගේ දැනුම දැන ගැනීමට ඔහුගේ ප්‍රශ්න කිරීම වැදගත් වන අතර එමගින් ප්‍රවර්ධකයින්ගේ සහ ඔවුන්ගේ සංගමයේ සැලසුම් දැනගැනීමට හැකිවන බවයි ED නිලධාරීන් සන්ධාන කර ඇත්තේ.

වාර්තා වන පරිදි, තවත් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් සහ නළුවන් මෙම නඩුවට ED විසින් කැඳවීමට නියමිත අතර Shradha Kapoor, Tiger Shroff, Sonakshi Sinha යන අය ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This