අද සමරන ජාත්‍යන්තර ගුරු දිනය

අද සමරන ජාත්‍යන්තර ගුරු දිනය

ජාත්‍යන්තර ගුරු දිනය සෑම වසරකම ඔක්තෝම්බර් 05 වනදා සමරනු ලබනවා.

කෙසේවෙතත් ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව මෙරට ගුරු දිනය සමරන්නේ අද දිනයේදීයි.

මේ දිනයේදී සිසුන්ගේ අනාගතය ගොඩ නැගීමට කැපවෙන ලොව පුරා සිටින ගුරුවරුන්ට ගෞරවය දැක්වීම සහ ඔවුන්ගේ මෙහෙවර ප්‍රශංසාවට ලක් කරනවා.

ජාත්‍යන්තර ගුරු දිනය 1966 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) එක්ව නම් කර තිබෙනවා.

UNESCO සංවිධානය මෙම දිනය නම් කිරීමට කටයුතු කිරීම නිසා ගුරුවරුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ මූලික සූදානම සහ වැඩිදුර අධ්‍යාපනය වැනි ක්‍රියා සඳහා මාර්ගෝපදේශ ලබා දීමේ දිනයක් ලෙසද මෙම දිනය හැදින්වෙනවා.

ගුරුවරයෙකුට තම සිසුන්ගේ පැවැත්ම කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇති කිරීමට විශිෂ්ට අවස්ථාවක් හිමි වෙනවා.

ඔවුන් තම සිසුන්ගේ දීප්තිමත් අනාගතය සැකසීමට සහ පුද්ගල තෘප්තිය ලබා දීමට උපකාර කිරීමෙහි මහගු කාර්යයක් ඉටු කරන බවද අප හොදින්ම හදන්නා කාරණයක්.

UNESCO සංවිධානය ප්‍රකාශ කළේ ගුරුවරුන් අපේ ජීවිතවලට ලබාදෙන දායකත්වය සැමරීම සහ ගෞරවය දැක්වීම සඳහා මෙම දිනය ලෝක ගුරු දිනය ලෙස වෙන් කරන බවයි.

2023 ලෝක ගුරු දිනයේ තේමාව වන්නේ ”The Teachers We Need for the Education We Want: The Global Imperative to Reverse the Teacher Shortage” අපට අවශ්‍ය අධ්‍යාපනය සඳහා අපට ගුරුවරුන් අවශ්‍යයි: ගුරු හිඟය නැති කිරීම ගෝලීය අවශ්‍යතාවය” යන්නයි.

මෙම තේමාව මගින් ගුරුවරුන්ගේ හිඟය අවම කර ලොව පුරා ඔවුන්ගේ ශක්තිය වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි UNESCO සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This