පෝලන්තය සිය පුරවැසියන් ඊශ්‍රායලයෙන් ඉවත් කිරීම අරඹයි

පෝලන්තය සිය පුරවැසියන් ඊශ්‍රායලයෙන් ඉවත් කිරීම අරඹයි

පෝලන්තය සිය පුරවැසියන් ඊශ්‍රායලයෙන් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා

ඒ අනුව පුද්ගලයින් 120 දෙනෙකු පමණ රැගත් පළමු ගුවන් යානය වෝර්සෝ වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තවත් ගුවන් යානා දෙකක් පසු දින පැමිණීමට අපේක්ෂා කෙරෙන බව පෝලන්ත ආරක්ෂක ඇමති Mariusz Blaszczak පවසනවා

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ පාසල් සංචාරයක යෙදී සිටින ළමුන් ඇතුළු පෝලන්ත සංචාරකයින් 200 ක් පමණ ඊශ්‍රායලයෙන් පිටවීමට බලා සිටින බවයි.

ඊශ්‍රායලයෙන් පෝලන්ත වැසියන් ඉවත්කර ගැනීම සඳහා අවම වශයෙන් පෝලන්ත සොල්දාදුවන් 200 ක් පමණ මෙහෙයුමට සහාය වන බවද සඳහන් වනවා

Share This