ඇෆ්ගනිස්ථානයට යළිත් භූමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයට යළිත් භූමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවක් සිදුවී දින කිහිපයකට පසු යළිත් රිච්ටර් මාපකයේ 6.3 ක භූමිකම්පාවක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පළමු භූමිකම්පාවෙන් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර සුන්බුන් යට සිරවී සිටි මිනිසුන් සොයා තවමත් මෙහෙයුම් කටයුතු කරන බවයි වාර්තා වන්නේ

ඊයේ (10) එරට ප්‍රාදේශීය වේලාවෙන් 05:10ට පමණ නව භූමිකම්පාව ඇතිවූ බව සඳහන්

කම්පනය Herat නගරයට උතුරින් කිලෝමීටර් 28ක් දුරින් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

දෙවනවර සිදුවූ භූමිකම්පාවේ බලපෑම තවමත් පැහැදිලි නැති බවයි වාර්තා වන්නේ

පසුගිය සෙනසුරාදා උදෑසන සිදුවූ භූමිකම්පාව Herat නගරයේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි ග්‍රාමීය දිස්ත්‍රික්කයක් වන සින්දාජාන් ප්‍රදේශයට බලපෑම් කරනු ලැබුවා

මේ වනවිට බ්ලැන්කට්, ආහාර සහ අනෙකුත් සැපයුම්වල හිඟයක් ද පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This