හමාස් සංවිධානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට යුතුකමක් සහ අයිතියක් තිබෙනවා – අමෙරිකානු ජනපති

හමාස් සංවිධානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට යුතුකමක් සහ අයිතියක් තිබෙනවා – අමෙරිකානු ජනපති

ගාසා තීරය ආසන්නයේ දිගින් දිගටම සටන් පවතින බැවින් හමාස් සංවිධානයේ ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට යුතුකමක් සහ අයිතියක් ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා

එමෙන්ම ජෝ බයිඩන් සඳහන් කළේ එක්සත් ජනපදය ඊශ්‍රායලය සමග සිටින බවත් එයට අවශ්‍ය ඕනෑම ආධාරයක් ලබාදෙන බවත්ය.

සටන්වලදී අවම වශයෙන් අමෙරිකානුවන් 14 දෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් අය ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ

හමාස් සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රහාරයන් සඳහා සාධාරණීකරණයක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ

කෙසේවෙතත් මියගිය හෝ අතුරුදහන් වූ එක්සත් ජනපද පුරවැසියන්ගේ අනන්‍යතාවය තවමත් නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර නැහැ

ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජනපදය ඊශ්‍රායලය සමඟ බුද්ධි තොරතුරු බෙදා ගන්නා බවත් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ උත්සාහයන් පිළිබඳව ඊශ්‍රායල සගයන් සමග සාකච්ඡා කිරීමට සහ උපදෙස් දීමට විශේෂඥයින් යොදවා ඇති බවත්ය.

ජනාධිපතිවරයා වශයෙන්, ලොව පුරා ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාවට වඩා මට ඉහළ ප්‍රමුඛතාවයක් නොමැති බවද ඔහු තවදුරටත් එහිදී පවසා තිබෙනවා

Share This