විනාශ වූ ටයිටන් සබ්මැරීනයේ ඉතිරි සුන්බුන් අත්ලාන්තික් මුහුදු පත්ලේ තිබී සොයා ගැනේ

විනාශ වූ ටයිටන් සබ්මැරීනයේ ඉතිරි සුන්බුන් අත්ලාන්තික් මුහුදු පත්ලේ තිබී සොයා ගැනේ

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස පුපුරා ගිය “ටයිටන්” සබ්මැරීනයේ ඉතිරි සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් ඉංජිනේරුවන් විසින් සොයාගෙන ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා

ජූනි මාසයේදී “ටයිටන්” සබ්මැරීනය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට කිමිදීමේදී යානය විනාශයට පත්වුණා

යානයේ සිටි මගීන් පස් දෙනාම ජීවිතක්ෂයට පත්වුණා

උප යානය සෙවීම ජාත්‍යන්තර ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්වූ අතර ගිලී යාමෙන් දින කිහිපයකට පසු ටයිටන් සබ්මැරීනයේ ගොඩබෑමේ කොටසක් (Landing frame) සහ පිටුපස කොටසක් (Rear Cover) සොයා ගනු ලැබුවා

වෙරළාරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේ යාත්‍රාවේ අමතර කොටස් පසුගිය සතියේ මුහුදු පත්ලෙන් සොයාගෙන එක්සත් ජනපද වරායකට ගෙන ගිය බවයි.

වෛද්‍ය නිලධාරීන් මිනිස් සිරුරු විශ්ලේෂණය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

OceanGate සමාගමේ ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ්, විනාශ වූ යාත්‍රාවේ සිටි අතර, එය ජලයේ දැඩි පීඩනය යටතේ පුපුරා ගිය බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවේ

48 හැවිරිදි බ්‍රිතාන්‍ය-පාකිස්ථාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ්, 19 හැවිරිදි ඔහුගේ පුත් සුලේමාන්, 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හමිෂ් හාඩින්, සහ 77 හැවිරිදි හිටපු ප්‍රංශ නාවික කිමිදුම්කරුවෙක් වන පෝල් හෙන්රි යානයේ සිටි අනෙක් මගීන් හතර දෙනා වනවා

ලොව පුරා ස්ථාන රැසක කිමිදුම් සංවිධානය කළ OceanGate සමාගම ව්‍යසනයෙන් පසු සියලු මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා

ව්‍යසනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඉදිරි දිනකදී මහජන සාක්ෂි විමසීමක් පවත්වන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා

Share This