ගාසා තීරයේ විදුලිය විසන්ධි වෙයි

ගාසා තීරයේ විදුලිය විසන්ධි වෙයි

ගාසා තීරයට ඇති එකම බලාගාරයේ ඉන්ධන අවසන් වීමෙන් පසු එහි විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෙනසුරාදා හමාස් සංවිධානය දියත් කළ ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයට විදුලිය, ඉන්ධන, ආහාර, භාණ්ඩ සහ ජලය සැපයීම නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනතෙක් ගාසා තීරයේ මිනිසුන් විදුලි ජනන යන්ත්‍ර මත යැපුණු අතර ඉන්ධන නොමැතිකම නිසා මේ වනවිට ගාසා තීරයටම විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This