ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ ජලය සැපයීමට ඉඩ දිය යුතුයි – එක්සත් ජාතීන්ගේ මහලේකම්

ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ ජලය සැපයීමට ඉඩ දිය යුතුයි – එක්සත් ජාතීන්ගේ මහලේකම්

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර සහ අවහිර කිරීම් මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ ජලය සැපයීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසනවා

අපට දැන් වේගවත් හා බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශය අවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres සඳහන් කරන්නේ

මේ අතර එක්සත් ජනපදය ඊශ්‍රායලය, එක්සත් ජාතීන් සහ ඊජිප්තුව සමග යම් යම් ආධාර ලබාදීම සඳහා සහ පදිංචිකරුවන්ට පිටතට යාමට ඉඩ දීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ධවල මන්දිරය නිවේදනය කරනවා

ඊශ්‍රායලය විසින් විදුලිය සැපයීම මෙන්ම ඖෂධ, ආහාර, ඉන්ධන සහ ජලය ඇතුළු භාණ්ඩ සැපයීම ද නැවැත්වීමෙන් පසු ගාසා තීරයේ එකම බලාගාරයද මේ වනවිට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් වසා දමා තිබෙනවා .

මේ අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ ලක්ෂ සංඛ්‍යාත භට පිරිසක් ගාසා තීරය ආසන්නයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,200 දක්වා ඉහළ ගොස් ඇති අතර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 1,100කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා

හමාස් සංවිධානය සෙනසුරාදා ප්‍රහාර දියත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ වැසියන් 17 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති බවද සඳහන්

Share This