සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක්

සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක්

ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා

2022 නිව්යෝර්ක්හිදී ඔහුට පිහියෙන් ඇනීම පිළිබඳ මතක සටහනක් ප්‍රකාශයට පත් කරන බවයි පොත් ප්‍රකාශක පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශ කර ඇත්තේ

පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිව්යෝර්ක්හි දී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති බව ඔහුගේ නියෝජිත ඇන්ඩෲ වයිලිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

ඔහුගේ ලේඛන කලාව නිසා ඉරානය සල්මන් රුෂ්ඩිව මරා දමන ලෙසද ඉල්ලා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

1988 වසරේ සල්මන් රුෂ්ඩිගේ ‘The Satanic Verses’ නවකතාව වෙනුවෙන් දිගු කලක් මරණ තර්ජනවලට මුහුණ දී ඇති බවත් විශාල මුස්ලිම් ජනගහනයක් සිටින බොහෝ රටවල එය තහනම් කළ බවත් විදෙස් මාධ්‍ය මීට පෙර සඳහන් කළා

රුෂ්ඩිගේ නව මතක සටහන, “Knife: Meditations After an Attempted Merder”, 2024 අප්‍රේල් 16 දින ප්‍රකාශයට පත් කෙරෙන බවයි සඳහන් වන්නේ

“මෙය මට ලිවීමට අත්‍යවශ්‍ය පොතක් විය, සිදු වූ දේ භාර ගැනීමට සහ ප්‍රචණ්ඩත්වයට කලාවෙන් පිළිතුරු දීමට මෙය මාර්ගයක්” යනුවෙන් පසුගිය වසරේ ප්‍රහාරයෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටීම සීමා කර ඇති රුෂ්ඩි පවසා ඇති බව ඔහුගේ ප්‍රකාශකයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වනවා

76 හැවිරිදි රුෂ්ඩිට මැයි මාසයේදී බ්‍රිතාන්‍ය පොත් සම්මාන උළෙල විසින් “ප්‍රකාශනයේ නිදහස” සම්මානය පිරිනමනු ලැබුවා

රුෂ්ඩි ඔහුගේ පිහි ඇනුමකින් මාස හයකට පමණ පසු “Victory City” නම් නව නවකතාවක්ද නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This