පලස්තීනුවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් මිලියන 294ක් ඉල්ලයි

පලස්තීනුවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් මිලියන 294ක් ඉල්ලයි

මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පලස්තීනුවන්ගේ හදිසි අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 294ක හදිසි අරමුදල් සපයන ලෙස ඉල්ලා හදිසි අභියාචනයක් නිකුත් කර තිබෙනවා

මිලියන 1.2 ක පමණ පිරිසකට උපකාර කිරීම සඳහා මෙම අරමුදල් භාවිතා කරන බවයි එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරන්නේ

ඊයේ (12) දිනයේ පමණක් ගාසා තීරයේ 84,000 කට වැඩි පිරිසකට නිවාස අහිමි වී ඇති අතර, මේ වනවිට එහි නවාතැන් නොමැතිව 423,000 කට වැඩි පිරිසක් සිටින බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැඩිදුරටත් පවසනවා

එමෙන්ම ගාසා තීරයේ බොහෝ පදිංචිකරුවන්ට තවදුරටත් සේවා සපයන්නන්ගෙන් පානීය ජලය හෝ නල මාර්ග හරහා ගෘහස්ථ ජලය සඳහා ප්‍රවේශ වීමට නොහැකි බවද සඳහන්

කලාපයේ ගර්භනී කාන්තාවන් 50,000න් 5,500 ක් පමණ ඉදිරි මාසය තුළ දරු ප්‍රසූතියට සූදානම්ව සිටිනවා

සෞඛ්‍ය සේවකයින් මෙන්ම රෝහල් සහ සායන රැසක් ප්‍රහාරයට ලක්වන බැවින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඔවුන් දැඩි ලෙස උත්සාහ ගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

2023 වසරේදී පලස්තීන ආධාර මෙහෙයුම් සඳහා අරමුදල් සැපයීමට ඩොලර් මිලියන 502 ක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණත් එම ඉලක්කයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් සපුරා ඇති බවයි පැවසෙන්නේ

Share This